Friday 15 February 2013

මිනිසෙකු නික්ම යැවීම..


  අපේ ජීවිත වලින් කොතරම් මිනිසුන් ඈත්වී යන්නේද?ඔය අතරේ අප බොහෝ ආදරය කළ,ලෙන්ගතු වුන,ජීවිත ගොඩ නගාපු,සිතට සතුට වින්දනය ගෙනාපු අය කොතෙක් ඉන්න ඇද්ද?අපට එවන් මිනිසුන්ගේ නික්මයාම බොහෝ විට දුක වේදනාව ගෙන දෙන්නක් වන්නේය.එත්..අප සැවොම ආදරය කළ අපටද ආදරය කළ සියලුම දෙනා වෙනුවෙන් තම කැපකිරීම් කරපු කෙනෙක් නික්ම නොයා නික්ම යැවුවොත් කොහොමද?දැනෙන්නේ..ලොකු වේදනාවක් දැනේවි නේද?ඔව්,ලොකු වේදනාවක් දැනේවි..අද කියන්නේ එවන් දැනුනු වේදනාවක් ගැනයි.

අදවන් දිනක එනම්-16 වෙනිදා දවසක සිදු වූ ශ්‍රී ලංකාවේම හදවත් වේදනාවට පත්කළ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දී අපෙන් වෙන්න ගිය මානවහිතකමියා ගැනය.කොවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග ඔහුගේ සම්පුර්ණ නම විය.එත් අප කවුරුත් දැන සිටියේ විජය කුමාරතුංග යන නාමයෙනි.මොහු 1945 ඔක්තෝම්බර් 9 වෙනිදා මෙලොව එළිය දුටුවේය.නමුත් ඔහුගේ ජීවිතය අතරමගදී යම් බලවේගයක් නවතා දැමුවේය.එහෙයින් ලංකා ඉතිහාසයේ අද දවස අදුරු දවසකි.මන්ද ඔහු ජීවත් ව සිටියේනම්,කලා ලොව පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවේම පැහැදිලි හොදවෙනසක් ඇතිකරලීමට තිබු ඉඩ ප්‍රස්තාව උදුරාගත් තවත් එක් දිනයක් වන නිසාය.මෙසේ මෙම සටහන තබන්නේ ඔහුගේ නික්ම යැවීම සැමරීමට නොව,ඔහුගේ හොද සහ ඔහුව සිහි කිරීමටය.
හන්තාන කථාවෙන් තම සිනමා කතාව ඇරබු ඔහු ක්‍රිස්තු චාරිතයට අවසන් වශයෙන් පන පෙවීය.එත් ඒ අප දන්නා තරමය,අදටත් වැඩ අවසන් වූ ඔහු රගපෑ චිත්‍රපටයක් ප්‍රදර්ශනය නොකර නවතා තබා ඇත.එහි ගීතද විජය ගායනා කළ බව පැවසේ.කුමන හෝ හේතුවකට එය සගවා ගොස්ය.
එයා දැන් ලොකු ළමයෙක්,ගග අද්දර,බැද්දේ ගෙදර  ආදී චිත්‍රපට තුළින් විජය සම්මානයට ප්‍රාර්ථ විය.God King නමැති ඉංග්‍රීසි චිත්‍රපටය ද Nanguran නමැති දෙමළ චිත්‍රපටයට ද තම රංගන හැකියාව එකතු කළේය.

80 දශකය මුලදී ලංකා සම සමාජ පක්‍ෂය පිහියුවමින් දේශපාලනයට පැමිණියේය.මෙය ගොඩ දෙනෙකුට රිස්සුවේ ද නැත.1982 පමණ නිදහස් පක්‍ෂයට සම්බන්ධ වෙමින් එකල පැවති ජනාධිපතිවරණයට හෙක්ටර් කොබ්බෑකඩුවට සහය දෙමින් සක්‍රීය දායකත්වයක් සැපයුයේය.එත්,එම මැතිවරණයෙන් ජයගන්නා ජේ ආර් ජයවර්ධන එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන ලදී.මෙම ආණ්ඩුව යටතේ අභූත චෝදනා ගොනු කරමින් විජය සිර අඩස්සියටද පත් වේ.මෙලෙස කටුක දේශපාලන ගමනක් යන විජය අදවන් දිනක ඔහුගේ පොල්හේනේ නිවස අසලදී කෲර ලෙස පාපතරයකු අතින් ඝාතනය කරනු ලබයි.



1 comment:

ස්තුතියි....Thanks...!

SLMR Rank