Thursday 7 February 2013

ගීයක උපත..


එකල රටේ කළබලකාරී තත්වයක් පැනනගිමින් තිබු අවදියකි.යාපනයේදී එකවර හමුදා නිලදාරියකු ඇතුළුව සෙබළු 16 දෙනෙක් රැකසිට[LTTE විසින්] එල්ල කළ ප්‍රහාරයකින් මියයාම[මරා දැමීම] හේතුකොට සිංහල ජනයා එයට විරෝදය පෑ සමයයි.මේ අන් වකවානුවක් නොව 83 කළු ජුලි සමයයි,මෙකළ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනවා,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..
කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියලා..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තිබුනේ සුන්දර කෙටිකතාවක් ...

මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිළ වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ළමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,

මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,,

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවී


මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගායනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.මේ ගීතය ගැන ඔබගේ අදහසුත් කියල යන්න අමතක කරන එපා..




ප.ලි.මා මෙය මිට පෙර අසා ඇත්තේ මෙම දමිළ තරුණයා අන් කවරෙකුත් LTTE ය තම සංවිධානයේ පොලිසිය ලෙස හදුන්වාගත් අංශයේ නායකයා වුත් අසුගණන් වල ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් තනතුරක් දැරූ නඩේසන්ය.

මෙහි බොහෝ කොටස් මෙතනින් උපුටාගෙන ඇත.
Enhanced by Zemanta

0 comments:

ස්තුතියි....Thanks...!

SLMR Rank